ලංකා සිවිල් සේවාවේ ඉතිහාසය 1833 -1845

Show simple item record

dc.contributor.author ද සිල්වා, එම්.යු.
dc.date.accessioned 2023-07-10T07:11:47Z
dc.date.available 2023-07-10T07:11:47Z
dc.date.issued 1983-11-10
dc.identifier.uri http://ir.lib.ruh.ac.lk/xmlui/handle/iruor/13546
dc.description.abstract ලංකා සිවිල් සේවාවේ ඉතිහාසය වු කලි මෙරට පැවැති සමිප්‍රදායගත මුලාදැති ක්‍රමය මත රෝපණය කළ මධ්‍යම හා ප්‍රාදේශීය පාලන ක්‍රමයේ ඉතිහාසයයි. කෝල්බෲක් කැමරන් කොමසාරිස් වරුන් රාජ්‍ය නාර්භාධවාදී සහ ලෙබරල්වාදී න්‍යාය ධමියන් ඇසුරෙන් මෙරට පාලන ක්‍රමය යලි සකස් කිරීමය ගත් උත්සාහය ද ඔවුන්ගේ යෝජනා ක්‍රියාවට නැංවූ ආකාරය ද ඉන් පැන නැගුණ ගැටලු හා ඒ විසදීමට යෙදු ප්‍රතිකර්මයන් ද පිළිබඳ විමසීමක් මෙම නිබන්ධනයෙන් ඉදිරිපත් කෙරේ. එහි පළමු පරිච්ජේදයෙන් කෝල්බෲක් කැමරන් යෝජනා කවරේද, එම යෝජනාවන් කුමක් නිසා ඉදිරිපත් කළේ ද යන්න හා ඒ සම්බන්ධයෙන් ආණ්ඩුකාර වරුන් දැක්වූ අදහස් උදහස්ද යටත් විජිත ලේකම් වරයා ගත් තීරණයන්ද, ඒ තීරණයන් ක්‍රියාවට නැංවීමට ආණ්ඩු කාරවරයා ගත් පියවරද සාකච්ජා කෙරේ. දෙවන පරිච්ජේදයෙන් මධ්‍යම පාලන තන්ත්‍රයේ ස්වරූපය පිළිබඳව සාකච්ජා කෙරේ. මෙහිදී ආණ්ඩුකාර වරයා, ව්‍යවස්ථාදායක් හා විධායක සභා, විජිත ලේකම් කාර්යාලය, ඔඩිටර් ජෙනරාල් හා භාණ්ඩාගාරික, ශ්‍රේෂ්ඨාෂිකරණය යන සංස්ථා හා නිලතල ඇතුලත් මධ්‍ය පාලන තන්ත්‍රය විස්තර වේ. තුන් වන පරිච්ජේදයෙන් තන්ත්‍රයේ ස්වරූපය දැක්වේ. කච්ජේරි ක්‍රමය යටතේ පලාත් පාලනය ගෙන ගිය ආකාරයද, දිස්ත්‍රික්ක උසාවි ක්‍රමය ක්‍රියාවට නැගි ආකිරය හා දේශිය මුලා ඇති සංවිධානය ගැන ද මෙහිදී සාකචිජා කෙරේ. සිවිවන පරිච්ජේදයෙන් ලංකාවේ පැවති සිවිල් සේවාවේ තත්වය පිළිබඳ විමසීමක් කෙරේ. සිවිල් සේවකයන්ගේ පත්වීම්, උසස්වීම්, වැටුප්, ස්වභාෂා ඉගෙනීම, අනාගත සුභ සිද්ධිය පිළිබඳ තිබු බලාපොරොත්තු හා ඔවුන් වතු වගාවට සම්බන්ධවූ ආකාරය ගැන ද සාකච්ජා කෙරේ. පස් වන හා අවසාන පරිචිජේදයෙන් කැම්බල් ස්ටැන්ලි ප්‍රතිසංස්කරණයන් පිළිබඳ සාකච්ජා කෙරේ. ඉන් කොල්බෲක් කැමරන් ප්‍රතිසංස්කරණ යෝජනා ක්‍රියාත්මක වීමේදී ඇති වූ අඩු පාඩු සපුරාලීමට කැම්බල් ආණ්ඩුකාර තුමා හා යටත් විජිත ලේකම් ස්ටැන්ලි ස්වාට් වරයා ගත් උත්සාහය පිළිබඳ විමසීමක් කෙරේ. en_US
dc.language.iso si_lk en_US
dc.publisher Ruhuna University college, Matara, Sri Lanka en_US
dc.title ලංකා සිවිල් සේවාවේ ඉතිහාසය 1833 -1845 en_US
dc.type M.phil. Thesis en_US


Files in this item

This item appears in the following Collection(s)

Show simple item record

Search DSpace


Browse

My Account