dc.contributor.author |
කුමාරි, ආර්.ඒ.එල්. |
|
dc.date.accessioned |
2023-11-14T05:46:36Z |
|
dc.date.available |
2023-11-14T05:46:36Z |
|
dc.date.issued |
2021-11-19 |
|
dc.identifier.issn |
2536-8702 |
|
dc.identifier.uri |
http://ir.lib.ruh.ac.lk/xmlui/handle/iruor/15458 |
|
dc.description.abstract |
ශ්‍රි ලංකා සමාජයේ ග්‍රාමීය, නාගරික සහ වතු යන ප්‍රභේද හඳුනා ගත හැකිය. මෙහිදී වතු සමාජයක් යනු උපසංස්කෘතික අංග ලක්ෂණයන්ගෙන් යුක්ත සුවිශේෂි සමාජ කණ්ඩායමක් වන අතර එය ආන්තීකරණයට ලක් වූ සමාජ කණ්ඩායමක්ද වේ. අවවරප්‍රසාදිත සමාජ කණ්ඩායමක් වුවද මෙම වතු ප්‍රජාව ආර්ථික ක්ෂේත්‍රයට දක්වන දායකත්වය ඉමහත්ය. එසේ වුවද වතු සමාජයේ පවතින සුවිශේෂි සංස්කෘතික තත්ත්ව වතුකරයේ විවිධ අංශ කෙරෙහි බලපෑම් කරයි. මෙම අධ්‍යයනයේදී ආන්තීකරණයට ලක්වූ සමාජයක් වශයෙන් වතු සමාජයේ පවතින සුවිශේෂී සංස්කෘතික තත්ත්ව ප්‍රාථමික අධ්‍යාපනික අවස්ථා ළඟා කර ගැනීමේදී කරනු ලබන බලපෑම හඳුනා ගැනීම මූලික වශයෙන් අවධානය යොමු කරන ලදි. ඒ අනුව දැනට වතු සමාජයේ පවතින ප්‍රාථමික අධ්‍යාපනය හඳුනා ගැනීමත්, වතු සමාජය තුළ පවතින සුවිශේෂි උපසංස්කෘතික ලක්ෂණ හඳුනා ගැනීම හා ඒකී ලක්ෂණ ප්‍රාථමික අධ්‍යාපනයට බලපාන්නේ කෙසේද යන්න හඳුනා ගැනීමත් මෙම පර්යේෂණයේ අරමුණු වේ. ගුණාත්මක ක්‍රමවේදය යොදා ගනිමින් ගුණාත්මක විධික්‍රම වන සම්මුඛ සාකච්ඡා, සිද්ධි අධ්‍යයනය හා ඍජු නිරීක්ෂණය මඟින් දත්ත රැස් කළ අතර තේමාකරණය භාවිත කරමින් විශ්ලේෂණය කරන ලද අතර සම්භාවිතා නියැදි ක්‍රමය යටතේ අහඔු නියැදිය යොදා ගනිමින් පාසලේ විදුහල්පතිගෙන්, ළමයින්ගෙන්, පුල්ලේමඩු නිලධාරීන්ගෙන් හා වතුකම්කරුවන්ගෙන් දත්ත හා තොරතුරු ලබා ගන්නා ලදි. වතුකරයේ අවම පහසුකම් සහිත වතු නිවාසවල ස්වභාවය සහ වතුකර ප්‍රජාවගේ සංක්‍රමණික ජීවන රටාවද ප්‍රාථමික අධ්‍යාපනය සඳහා බලපා ඇත. වතුකර ප්‍රජාවගේ සමාජ සම්බන්ධතාද ඒ සඳහා බලපා ඇති අතරම එකී සමාජයේ පවතින බීමත්කම හා කලහකාරී සමාජ අස්ථාවරභාවයද ප්‍රාථමික අධ්‍යාපනයට බලපෑම් කර ඇත. මේ අනුව ආන්තීකරණ ප්‍රජා කණ්ඩායමක් වන වතු ප්‍රජාවගේ උපසංස්කෘතික සාධක ප්‍රාථමික අධ්‍යාපනයට බලපෑම් කර ඇතිබව නිගමනය කළ හැකිය. |
en_US |
dc.language.iso |
si_lk |
en_US |
dc.publisher |
Faculty of Humanities and Social Sciences, University of Ruhuna, Matara, Sri Lanka . |
en_US |
dc.subject |
අවවරප්‍රසාදිත |
en_US |
dc.subject |
ආන්තීකරණය |
en_US |
dc.subject |
ප්‍රාථමික අධ්‍යාපනය |
en_US |
dc.subject |
උපසංස්කෘතිය |
en_US |
dc.subject |
වතුකර ප්‍රජාව |
en_US |
dc.title |
ප්‍රාථමික අධ්‍යාපනය කෙරෙහි වතු සමාජවල උපසංස්කෘතියෙහි බලපෑම පිළිබඳ සමාජ විද්‍යාත්මක අධ්‍යයනයක් |
en_US |
dc.type |
Article |
en_US |